ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday, 14 April 2012

Google ඇඩ්සෙන්ස් චෙක්කුවක් ගෙදරටම ආවෝ....

හැමෝටම ලැබුවා වු අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
ඉතින් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දාන්න යන්නේ සතු‍ටු හිතෙන කාරනයක්... ඔන් මට google adsense චෙක්කුවක් ගෙදරටම ලැබුනා.. චෙක්කුවේ වටිනාකම් ඩොලර් 103ක්.. අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම නරක නැ වගේ... ඇඩ්සෙන්ස් එක්ක ඔට්‍ටුවෙලා හා හා පුරා කියලා ලබා ගත්තු මුල්ම මුදල...
දැන් ඉතින් තියෙන්නේ මේක මාරු කරගන්න එක තමයි..

මගේ කොමර්ෂල් බැංකුවේ ගිනුමට මේක දාගන්න පුළුවන් වේවිද? දන්න අය ඉන්නවනම් කමේන්‍ටුවක් දාලා විස්තරේ කියලම යන්න කෝ... කොහොමද මේක සල්ලි කරගන්න පුළුවන් විදිය කියලා...

ඉහෙනම් ඉතින් ඇඩ්සෙන්ස් තවදුරටත් හිනයක් නොවෙයි..


දිගටම කියවන්න ->>

Thursday, 16 February 2012

තෙල් මිළ වැඩි කිරිමට බලපැ ඇත්තම හේතුන්...


තෙල් මිළ වැඩිවිම ගැන අද රටේ සැම තරාතිරමකම පුද්ගලයින්ගේ ප්‍රදාන මතෘකාවක් බවට පත් වෙලයි තියෙන්නේ.ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් ඩීසල් මිළ වෙවර වැඩිකර තියෙනවා.ඇත්තටම රජය මේතරම් විශාල ලෙස තෙල් මිළ වැඩි කිරිමට හේතුව කුමක්ද? ඇත්තටම රජය කියන ආකාරයට මෙසේ තෙල් මිළ වැඩි කිරිමට හේතුව ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිළ ඉහල යාම හා ඉරානයට එරෙහිව ඇති සම්බාධක ප්‍රශ්නයද? එසේ නම් අපි ලංකාවට තෙල් ලබාගන්නා ආකාරය හා පහුගිය කාලය තුල ලංකාවට තෙල් ගෙනා කාලවකවානු හා තෙල් බැරලයක් මිලදිගෙන ඇති මිළ සලකා බලමු..
*පසුගිය නොවැම්බර් 04 වෙනිදා ලංකාවට ඉන්ධන ආනයනය කර ඇත්තේ තෙල් බැරලයක් ඇ.ඩො 94.26 ට
* ඉන්පසු පසුගිය දේසැම්බර් 02 වනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 100.96 කට
*මේ වසරේ ජනවාරි 06 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 101.56
*තෙල් මිළ වැඩි කිරිමට දවස් කිපයකට කලින් එනම් පෙබරවාරි 10 වෙනිදා තෙල් ආනයනය කර ඇත්තේ බැරලයක් ඇ.ඩො 96.68 කට.

එහෙත් පසුගිය වතාවන්ටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් ආනයනය කර විදේශ වෙළද පොලේ තෙල් මිල ඉහල යනවයි කෙබර කෙල කෙල ඉතිහාසයේ පෙර නොවු විරු ලෙස තෙල් මිළ වැඩි කරේ වෙනදාටත් වඩා අඩුවෙන් තෙල් බැරලයක් මිළදි ගෙනය.
තවත් දෙයක් තමයි මේ තෙල් වැඩිවිමට බලපානවයි කියන ඉරාන ප්‍රශ්නය. එහෙත් ලංකාවට ඉරානයෙන් ආනයනය කරන්නේ බොරතෙල් පමනයි.ලංකාව ලොකෙන්ම බොරතෙල් ආනයනය කරන්නේ 45%යි. ඉතුරු 55% පිරිපහදු තෙල් ලෙස ගෙන්වන්නේ වෙනත් රටවලිනි.
එසේනම් සත්‍ය ලෙසම තෙල් මිළ වැඩිවිමට මේ ඇමැට්ටෝ කේලින ලෝක වෙළදපොළ් තෙල්මිළ ඉහල යාම හා ඉරාන සම්බාධක ප්‍රශ්නයම නොවේ. ප්‍රදානතම හේතුව වන්නේ රජයේ පවතින අකාර්ය්‍යාක්ෂම,දුෂිත කළමණාකරනයේ ඇති දුර්වලතාවයත්,හෙජින් සුදුවෙන් සිදුවු කෝටි 6000ක පාඩුවත්,ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ආයතන වලින් ලැබිය යුතු කෝටි ගනනක මුදල් පාඩුවත් තෙල් මිළ අසාධාරන ලෙස වැඩි කර ජනතා බදුමුදලින් ලබාගැනිමය.

තෙල් මිළ ඉහල ගියා කියන්නේ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළත් ඉහල යැමය. ඊයේ සිට විදුලි බිලද වැඩි කර ඇත. දැන් ඉතින් ලයිට් තිබ්බත් ලයිට් නොදා ඉන්න තත්වයකට පත්ව ඇත. බස් ගාස්තුද පෙර නොවු විරු ලෙස අසාධාරන ලෙස වැඩි කර ඇත. හෙට අනිද්දාම ගැස් මිලත් වැඩි වේවි. මේ සකලවිද හේතුන් නිසා අන්තිමට තැලෙන්නේ අසරන දුප්පත් ජනතාවයි. රජයේ නාස්තිය හා දුෂණය අවම නොකොට මෙලෙස අසාධාරණ ලෙස ජනතාව වෙත බදුබර පටවන ආණ්ඩුව කිසිම සැලැස්මකින් තොරව ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ.
දිගටම කියවන්න ->>

Thursday, 29 December 2011

කවුද කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැ කියලා...100% නිවරදිව, නිත්‍යානුකුලව අන්තර්ජාලයෙන් මුදල් සොයමු.


මතෘකාව දැක්කමනම් හිතෙනවා ඇති නේද.. ඔන්න තවත් ඇඩ් කිලික් කිරිමක් ගැන කියන්න යනවා කියලා. ඒවා නම් බොරු වැඩ. ඇඩ් ක්ලික් කිරිමෙන් අපි නිකන් අපේ කාලය කා ඩැමිමක් විතරයි සිදුවෙන්නේ. මම අද කියන්න යන්නේ මම කොහොමද අන්තර්ජාලයෙන් මුදල් ඉපයුවේ කියලා.

මේකත් ලෙසි වැඩක් නෙවෙයි. අපි කවුරුත් කුමන හෝ දේකට දක්ශ ඇති නේ . අන්න ඒ දක්ෂතාවය මත තමයි අපි කොපමන මුදලක් උපයනවාද කියලා තිරනය වෙන්නේ. මම මුලදි නම් odesk එකත් එක්ක ඔට්‍ටු උනා. ඒත් මට තවම odesk හරහා නම් එකම ප්‍රොජෙක්ට් එකක්වත් අරගන්න බැරි උනා. එත් මම fiverr වලින් නම් මේ සති දෙක ඇතුලත $ 86ක් හෙව්වා. මේ පිලිබදව මුලින්ම කියලා දිපු iplusblog එක ලියන සහෝදරයට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඔන, කිසිම දෙයක් හන්ගන්නේ නැතිව fiverr ගැන කියලා දුන්නට. මෙන්න මේ ලින්ක් එකෙන් iplusblog එකේ fiverr ගැන ලියපු ලිපි පෙල බලාගන්න පුලුවන්.

ඉතින් මම කොහොමද මේ මුදල් සෙව්වේ කියලා කියන්නම්. මම auto CAD හා 3D Design වලට දක්ෂයි. ඉතින් මම ipusblog සහොදරයා කියලා දිපු විදියට මගේ දක්ෂතාවය කියලා gig දෙක තුනක් හදලා මගේ fiverr accountඑකට ඇඩ් කලා. එත් ශතියක් විතර යනකම් කිසිම ඔඩරයක් නැතුවයි හිටියේ.

ඔන්න එක දවසක් ඔඩර් එකක් ඇවිත් තිබුනා. ඒකෙදි මට කරන්න තිබුනේ සපත්තු අඩියක් Auto CAD වලින් ඩිසයින් කරලා දෙන එක. මේක මට සිම්පල් වැඩක. මම විනාඩි ගනනාවක් ඇතුලත අදාල buyer දිපු උපදෙස් අනුව ඒක හදලා දුන්නා. ඒකට මට හා හා පුරා කියලා $ 4ක් ලැබුනා. මොකද අපිට$5ක් ලැබුනත් fiverr අඩවියට $1ක් කපාගන්නවා.



කොහොමින් හරි මේ buyer වැඩේ ඉක්මනට කරලා දුන්නට සැටිස් වෙලා, මගෙන් ඇහුවා මේ සපත්තුවේ 3D එක කරලත් දෙන්න පුළුවන්ද කියලා. මම මොකටද බැහැයි කියන්නේ මම හා කියලා වැඩේ භාර ගත්තා. මට මේකට සති 02ක් දෙන්නම් කියලත් කිව්වා. ඒ වගේම මේ වැඩේට මට $50ක් ගෙවන්නම් කියලත් කිව්වා. ඒ කිව්ව විදියටම මම දෙසැම්බර් 23 වෙනිදා බැඩේ කරලා බාර දුන්නා. මගේ පලමු වැඩේ නිසා මම කිව්වා මට $40k දෙන්න කියලා. මිනිහා $40 මගේ paypal එකට දාලා ඉදිරියටත් මාත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි කියලා මැසේජ් එකකුත් එවලයි වැඩේ complete කරේ.

මම Design කරපු සපත්තුව මෙතනින් බලා ගන්න පුළුවන්.ඊට පස්සේ එක පිට එක වගේ වැඩ ගලාගෙන ආවා. තාමත් වැඩ එනවා. ඉතින් මම කියන්නේ අපිට දක්ෂතාවයක් තියෙනව නම් අපි මොකටද නිකන් ඇඩ් කිලික් කර කර කාලේ කා දමන්නේ. තමන්නේ දක්ෂතාවය අනුව කියක් හරි අමතරව හොයාගන්න බලන්න.


අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ මේ පිලිබදව මුලසිට සරලව කියලා දිපු iplusblog සහෝඅදරයට ගොඩාක ස්තුතිවන්ත වෙනවා.
දිගටම කියවන්න ->>

Sunday, 27 November 2011

සිරි ලංකාවේ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව හා සුළිසුළග


පසුගිය 25 වනදා ලංකාවේ ප්‍රදේශ කිපයකට බලපැ සුළන් තත්වය නිසා දැනට වර්ථාවන අන්දමට මරණ 17 ක් සිදුවෙලා තියෙනවා කියලා නිවුස් වලින් අහන්න ලැබුනා. ඇත්තටම අපේ රටේ තියෙන කාළගුණ විද්‍ය දෙපාර්තුමේන්තුවට මේ වගේ තත්වයක් ඇතිවෙන බව කල් ඇතුව දැන ගන්න ක්‍රමවේදයක් නැද්ද? එහෙම නැත්නම් මේ දෙපාර්තුමේන්තුවත් තවත් එක රාජ්‍ය දෙපාර්තුමේන්තුවක් පමණක්ද?


මේ පිලිබදව මට මතක විදියට නාසා ආයතනයත් ප්‍රවෘතියක් පල කරලා තිබුනාලු ලංකාවේ බස්නාහිර වෙරල කලාපයේ කුණා‍ටු තත්වයක් ඇතිවෙන්න පුලුවන් බවට. මේ පිලිබදව අපේ ටෙක්කථා කරන කාලිංග අයියාත් ටිවිට් එකක් හැහුවලු මේ පිලිබදව අවදානයෙන් ඉන්න කියලා. ඇත්තටම අපේ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මේ පිලිබද සැලකිල්ලක් නොදක්වන්න හේතුන් මොනවාද කියලා වග කිව යුතු බලධාරින් සොයා බැලිය යුතුයි. නැතිවු ජිවිත 17 හා අතුරුදහන් වු පුද්ගලයින් 30 ගනනට හා විනාශ වු දේපල වලට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැන් වග කියනවද?
මේ පිලිබදව අඩුම තරමින් ජනතාව දැනුවත් වෙලා හිටියනම් මේ ජිවිත හා දේපල හානිය ගොඩාක් දුරට අඩුකර ගන්න තිබුනා. අනේ ඉතින් මේ සිරි ලංකාවනේ කියලා අපිට හිත හදා ගන්න තමයි වෙන්නේ. කෝකටත් ඉතින් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉන්නේ "හෙට අපරභාගයේ දි හෝ සන්ධ්‍ය කාලයේදි දිවයිනේ ප්‍රදේශ කිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක" කියලා හැමදාම ගහන බයිලය ගහන්න විතරයිනේ. අනේ ඉතින් මේවගේ බයිලයක් ගහන්න කොයිතරම්නම් මහජන මුදලක් රජය මේ ආයතනය වෙනුවෙන් වැය කරනවාද? මේවයි ඉන්න නිලධාරිනුත්,බලධාරිනුත් මේවගේ දෙයක්වත් දැන ගන්න බැරුව ඉන්නේ ආයතන ඇතුලේ ඉදන් අල හාරනවද දන්නේ නැ.
ඔන්න මම එදා මගේ ෆොන් එකෙන් රෙකොඩ් කරපු විඩියෝවක් තියෙනවා.
මෙතනින් බලන්න
දිගටම කියවන්න ->>

Product

Related Posts Plugin for WordPress, Blogger...